Monday, March 24, 2014

මතක වැස්ස

මතක වැස්සක් මැද 
කෙසේ නම් නොතෙමී 
හිඳින්නෙද නුඹ ?
ඇසීය ඈ මගෙන් 
නො අසාම බැරි තැනෙක .

මතක සැඩ පහරට 
අසුව මියැදුනෙකි මම .
එක්තරා සමයක 
එක්තරා දිනයක .
ඉදින් තව තෙමෙනු නැත !

No comments:

Post a Comment