Monday, January 23, 2017

සෙම්ප්‍රතිශ්‍යා කවිය.





කේඩෑරි තුරු මත
ඉඳ හිට පතිතවන හිම කැටිතිත්,
සඳුදාව සංසිඳවනු පිණිස
නික්ම ගියපසු උදෑසන රිය පෙළ
ඉතිරිවූ රථ කිහිපයත්,
අතරින්
මන්දෝත්සාහීව ගලා යයි,
ජනේලයෙන් එපිට ජීවිතය.

සිරි ගුණසිංහයන් කිවූ පරිද්දෙන්,

'මදසුන් කුහරයෙහි හිස තුළ
පල්වෙන්නට දමා තිබෙන
අදහස් ලී කොටන්' හැම

ප්‍රතිශ්‍යා දාහයෙන් තවමින්
ප්‍රතිජීවක නිද්‍රාවෙන් නළවමින්
බුබුලු නංවමින් මතුව එමින්
යළිදු මොහොතකට නිහඬවෙමින්
මන්දෝත්සාහීව ගලා යයි
ජනේලයෙන් මෙපිට ජීවිතය.


23-01-2017

Monday, March 24, 2014

Pumpkin

Where is she ?
The one with glitter
The one with charm
Had the clock struck midnight 
And She became a pumpkin !
Was i the pumpkin all along .

සිදුවිය යුතු පරිද්දෙන්ම සිදුවෙමින්

සිඳු රළ ද අප ද
පැමිණෙමින් නික්මෙමින්.
මතකයන් මැකීයමින්
සියල්ල ,
සිදුවිය යුතු පරිද්දෙන්ම සිදුවෙමින්.
වෙරළ සියල්ලම දකිමින්
විටින් විට වැළි අතර
මතකයන් සඟවමින්.
එද කිසිවෙකුදු නොදකිමින්
පැමිණෙමින් නික්මෙමින්
සියල්ල නැවතත්,
සිදුවිය යුතු පරිද්දෙන්ම සිදුවෙමින්.

විරහව

කඳුළු ද
ඉකිගැසුම් ද
විටෙක හෙලෙන සුසුම් ද
බලාගත් අත බලා සිටීම ද
මද නිහඬතාවයන් ද
අවසන මන්දස්මිතයන් ද වශයෙන්
ඍතු සහිතය විරහව.
ඉදින් පසු කරනු හැර ක්‍රමිකව 
අන් මගක් නැත.

නිධන්ගත සිහින

දැවී අළු වී ගිය බිමක 
කෙසේ නම් දළුලනු හැකි වෙද
නිධන්ගත සිහින.

සිතා සිටියාට එහෙම අප ,
සිහිනයටම විෂය වන 
අපූර්ව පැවැත්මක් තිබෙන.
ෆීනික්ස් පක්ෂියෙකු මෙන්
අළු තුලින් නැගිට එන.

බහිරව ගායනා

නෑසේද බහිරව ගායනා
නිදානය ගැන නිතරම
මතක් කරමින් ගැයෙන.

මතක විය නොහැකි වෙද ඒ ?
නිදන් කර දමන ලද
නමුත් තවමත් දෝංකාර දෙන !

සෙවනැළි විඩා හරිනා ඉම

එක්තරා තැනක් ඇත
පහන් නිවී ගිය පසු
සෙවනැලි විඩා හරින.
අපද එක් සමයක 
එතැන හිඳ විඩා හල අය.

ගොදුරු

දාම වල පහළ අය 
ඉහළ අයගේ ගොදුරුය.
ඉහළ යැයි හිතාගෙන ඉන්නා අය
ඊටත් ඉහළ අයගේ ගොදුරුය.

අතරමැදියන්

අහසින් බට දේ යලිත් අහසටමය
ගඟ මුහුද අතරමැදියන් පමණය !

කියවන්නාගේ නිදහස

යම් වියමනක් කවියක් ලෙස පරාමිතිගත කොට විඳිම මෙන්ම ඉන් ඔබ්බට ගොස් කවිය සම්බන්ද තමාගේ කියැවීම නිර්මාණකාරී විවේචනයක ස්වරූපයෙන් ප්‍රතිපෝශනය කිරිම ද අනෙකාගේ නාස් කෙලවරට මයික්‍රෝ මීටරයක් මෙහා වන තෙක් ඇති සැරයටිය වැනීමේ අයිතිය මෙන්ම කියවන්නා සතු අයිතියක් බව මම විශ්වාස කරමි. නමුත් කවිය නම් මෙය මැයි මෙය පමණක්මැයි ආදී වශයෙන් වැට කඩුලු තනන්නා වූ මතවාදීමය සියලු සංස්කෘතික පොලිසි වලින් එකහෙලා විතැන් වෙමි.