Friday, November 25, 2011

උමතුව !

අවැසි දේ කියා ගන්නට නොහැකිව ඇත .
තේරවිලි කියන්නට සිදුව ඇත .
තවම තේරුම් ගෙන නැත .
ඉන්නවා වන්ට හැක
නොතේරුණු විදිහට .
ඉතා පහසුය නොතේරෙන එක .
ප්‍රශ්න කරදර අඩුවට .

මල් මල් වගේ නැත .
නටු අග නොව
පෙති යටත් කටු ඇත .
අහස නිල් නැත .
කළු වලාකුළු ඇත .
රිදී වන් විදුලි ඇත .
නොහිතන වෙලාවක
හිස මතට වදිනු ඇත .

ප්ලේටෝ දන්නා බම්බුවක් නැත .
එහෙම ධාර්මික උන් නැත .
හුළු අත්ත ගෙන ඩයොජිනියස්
සත්‍යවාදී මිනිසා සොයා යත .
අදටත් හම්බුණ වගක් දැනගන්ට නැත .

මේවා කියා වැඩක් නැත .
අමතක කරන්නට තීරණය කර ඇත .
යළි උමතුවූ දිනක ලියනු ඇත .

No comments:

Post a Comment