Tuesday, August 14, 2012

හෙට

හෙට දිනත් පැමිණියත්
අද ආපු ඉර හඳ
දකින්නට සිටීවිද
අද සිටිය අප හැම !

හදවත

ඔය  ඔය හදවත ගැන තියෙන්නේ හිතා මතා ඇති කරපු මිත්‍යාවක් . ඕක කාටවත් දෙන්න බෑ . ගන්නත් බෑ . උපතින්ම හදවතකට තියෙන්නේ එකම එක රාජකාරියයි . ඒ තමන් ආරක්ෂා වීම . ඒ අතරතුර ඉඩක් තියෙන වෙලාවට ලේ පොම්ප කරන එක . ගැන තියෙන්නේ හිතා මතා ඇති කරපු මිත්‍යාවක් . ඕක කාටවත් දෙන්න බෑ . ගන්නත් බෑ . උපතින්ම හදවතකට තියෙන්නේ එකම එක රාජකාරියයි . ඒ තමන් ආරක්ෂා වීම . ඒ අතරතුර ඉඩක් තියෙන වෙලාවට ලේ පොම්ප කරන එක .

එලිය හා අඳුර

එලිය ඉල්ලු සැණෙකින් 
අඳුරද ලැබෙන වග 
දැන ගත යුතු තිබිණ 

අසුර තෙම

අසුර තෙම ,
තවත් යුද වදිනු නොරිසිව 
කලක් යුද වැද වෙහෙසව 
බලි බිලි පුද ලබනට ද අකමැතිව 
පලා යන බැවින් දුටු විගස බොහෝ දන 
කතා බහ කරන්නට වුව 
නිර්භය කෙනෙකු නැති තැන 
කවි ලියන්නට හිතාගෙන !

දැනුම

දැනුම කියන්නේ බොහොම පුළුල් දෙයක් , ඒ වගේම තමයි උගත්කම කියන්නේ හුදෙක් රැකියාවක් ලබාගැනීම සඳහා සුදුසු කමක් නෙමෙයි . අනිත් එක විශ්ව විද්‍යාලය කියන්නේ වෘත්තීය පුහුණු ආයතනයකින් බොහොම එහාට ගිය තැනක් . අද සමාජය බොහොමපටු තැනකට කොටුවෙලා ඉන්නවා දැනුම සහ උගත්කම සම්බන්ධ කියවීමේදී . ඒ නිසා මේ වර්තමාන තත්වය ගැන පුදුම විය යුතු නැහැ . නමුත් අපි මෙතනි එහාට කවදා හෝ අඩියක් තියන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට වෙනස් වෙන්න සිද්ධ වෙනවා . අද බොහෝ රටවල් වල මේ වෙනස්කම සිද්ධ වෙමින් යනවා .

අතීරණය

අද දියව යත 
හෙට තවම නැත .
අතීරණයක අප 

කලපු දිය

කලපු දිය මත වුව 
සුවඳ ඇති මල් පිපෙත 
නමක් නැතුවා මිසක .

කොපුල් තල සිඹියි රළ පෙළ 
කඩාගෙන වැටුණු තරුවක .

ධනුෂ්කා නිශාදි කුලරත්නගේ කවක් ඇසුරෙන් ලියවුණකි

එහෙම පහසු නැත

එහෙම පහසු නැත 
නැවකට පෙම්බඳින එක .
ගැඹුරු වෙරළක් අවැසිය .
නොගැඹුරු අය අස
ගැටෙනු මිස රඳනු නොහැකිය

උල්පත්

උල්පත් ඔහේ දිය බෙදයි .
කිසිවෙකුට හෝ අවැසි නිසාම නොව 
දිය පිරී ඇති නිසාවෙනි ඇතුළත !

සිනහව

මදක් සිනහ වී සිටිනු මැන
දුර සිට බලා සිටින අය ඇත .
සිනහවක් දැක තුටු වන !

මෙනෙවිය

මෙනෙවිය 
රහස් න්‍යායපත්‍රයකට අනුව හැසිරෙන 
පෙර පුරුදුවූ දෙබස් කියන .
මානවකය මේ රඟ මඩල 
නුඹට සුදුසු නැත 
වහා පලා යව !

වසත් පත්

වසත් පත් එකින් එක 
හිරුට හිනැහෙමින් දළුලන !

අන්ධකාරයේ ගැඹුර

අන්ධකාරයේ ගැඹුර මනින 
සෙවුම් එළි අත රැගෙන 
කදෝකිමියන් තැන තැන 

බියනොවනු මැන ..

බියනොවනු මැන ..
අප ,
අන් අයගේ සිහින වලට 
එබිකම් නොකරන අය.
දුටුවත් නොදුටුවා සේ ඉන්න අය

අවසාන මල් පෙත්ත

අවසාන මල් පෙත්ත 
ශේන්යා එනතුරු මග බලාගෙන .
කිසිවෙක් කියා තිබුනේ නැහැ එයට 
සුරංගනා කතා වුව 
අතරමග අවසන්වන වෙලාවල් ඇති වග !

සක්වල ගල

සක්වල ගල වුව 
බොහෝ විට සසළ වන .
සුළු සසළවීම් ,
ගණන් නොගන්නවා මිස !

දහස් පෙති

පෙති ගණන පලක් නැත .
දහස් පෙති මලක් වුව විය හැක .
එකින් එක ගිලිහෙත .
අවසන් පෙත්ත තනි වෙත !

ඒකමයි කතාව !

කුමරිය එක්ටැම් ගෙයක .
වංක ගිරි මගක .
තුංග ගිරි හිසක .

වංකගිරි මග 
තුංග ගිරි හිස
මිනිස් බල ඉක්මවන .
නයිටුවන් දරන තැත
විසුළු සහගත
කඳුළු උපදන !

රකුස් තෙම ,
පෙර වංකගිරි ජයගත් .
යලි යළිත් නොරැවටෙන
මනා වැටහීමෙන් කුමරියන් ගැන
නොඑන්නට නියමිත .

කුමරියනි නුඹට
දිගුකලක් ගිරි හිස මතම රැඳෙනු සිදුවන !

සමර විජේසිංහයන්ගේ කවක් ඇසුරෙන් ලියැවුණකි.

ප්‍රේමයක් අබියස

ප්‍රේමයක් අබියස
වෙනස්වන්නට සිදුවන .
වෙනස් වන .
රජුන් මෙන් සිටි අය
දාසකම් කරන .
න්‍යායෙන් එපිටට 
ප්‍රේමයෙන් කොටසක් පැතිරෙන .
අපට එකල නොතේරුන 
දැනට ද නොතේරෙන

මම තවම එතැන

ඒ අවසාන විය යුතුව තිබුණු තැන .
අතීතය , වර්තමානයෙන් වෙන්වන තැන .
යමක් සිදුවිය යුතු තැන .
යමක් සිදුවුණු තැන .
මම තවම එතැන !

ජීවිතය

සිසිරය කෙලවර 
නිදි ගැට බිඳ අවදිවෙත 
ජීවිතය

කුමුදිනිය

කුමුදිනිය නුඹ !

නොදුටු බව නොව 
දවනු නොරිසියෙන් 
නොපැමිණි වග 
- මීට දිනකර

උකුසු තෙම

උකුසු තෙම 
තියුණු ඇස් ඇති 
යමක් දැක ඇති 
නුඹ ගැන ,
නුඹ වත් තවම දැක නැති .

ඕපපාතික කවි

කවි ඕපපාතිකව නූපදින
ජීවිතය තුලින් උපදින 
මුලින් ජීවත්ව 
පසුව කවි ලියන !

අප නැත .

මා ලියන කවි වල 
මා නැත .
නුඹ ඉන්ට ඇත .
අද නැත 
කවි ඇත .
අප නැත .

අප කදෝකිමියන් සමග මිතුරුව

අප කදෝකිමියන් සමග මිතුරුව 
සඳ වුව හැමදාම නොඑන වග දැනගෙන 
තරු ගැන වැඩි බලාපොරොත්තුවක් නැතිවම ..

එදිනෙදා කවි

කුමට මෙතරම් කැටයම් 
එදිනෙදා තොරතුරු 
අගක් නැති මුලක් නැති සිතිවිලි 
කැටි කර ලියනු මිස .

දෙමගක ගිය අය

දෙමගක ගිය අය
බලෙන් එක මග යැවුම 
සුදුසු නැත .
කැමති නම් කමක් නැත !

එතැන

ඔව් !
නැවත හමුවිණි එතැන
එක්තරා සමයක 
හදවත ගිලිහී වැටුණු තැන .

ඉඩ හරිමි හදවතට.
දළු ලා වැඩෙන්නට 
එතැනම.

විඩා හරිමි එතෙක් 
පසෙක සිට !

ඊයේ අද සහ හෙට

සිදුවී ඇත 
සිදුවිය යුතු ලෙසම .
අප ඊයේ දවසට අයිති අය 
ඔවුන් හෙටට අයිති අය .

රෑ බදුල්ලෙක්

අඳුරුය හාත්පස .
තාරුකා වුව නිදි කිරන
ඉඳහිටක හමුවෙයි 
රෑ බදුල්ලෙක් 
රැයෙහි සරණ උන්ට 
මග කියන !

ජලාල් අල්-දින් රූමි

01.

මගේ ආත්මය වෙනතකින් පැමිණි ඇත .
ස්ථිරයි මට එය .
අවසානය 
එතැනින්ම සිදුවෙතැයි හිතාගෙන මම .

ඒ අතරතුර ,
මේ කුරුළු නිවස්නය තුළ 
විහඟකු සේ මම 
වෙනත් මහාද්වීපයකින් පැමිණුන .

එදින වැඩි ඈතක නොව
මා යළි පියහඹා යන .
ඉදින් කවුරුද
මේ සිටිනුයේ මගේ කණ තුළ
මගේ හඬ අසන
මා මුවින් හඬ නගන
ඇස තුලින් නෙත් යොමන .

කුමක්ද ආත්මය හැබෑටම ?
නො අසා සිටිය නොහැකිය මට .

එක බිඳක්
තොලගානු හැකිනම් පිළිතුරක ,
පලා යනු හැක
මේ බේබදු සිපිරිගෙයින් මට !

02.





උමතුව මතුව එයි
ඇතුළතින් , ප්‍රේමයෙහි හා කඳුළෙහි
අප බිය නොවිය යුතු
කිසිවකු නගන හඬකට
විය යුතුය ප්‍රභවය ඵලය නොව

සාමාන්‍ය දුක සහ සාමාන්‍ය සතුට

සාමාන්‍ය දුක සහ සාමාන්‍ය සතුට 
එකම පැහැතිව .
එකක් නිමවන තැනම 
අනෙක ඇරඹෙන .

දළඹු අප

අප 
සමනලව සිට 
දළඹුවන් වුනු අය !

නොගැලපෙන කවි

අප චිත්‍රකරණයේ අදක්ෂ ව .
කවක් නම් ලියා දිය හැක 
පද එකිනෙකට නොගැලපෙන !

ඉසියුම් ප්‍රේමය

ඉසියුම් ප්‍රේමයකි එය 
නොසුයුම් කැළැල් තබා ගිය ..

ද්වන්ධ සටන

ද්වන්ධ සටනයක ය අප .
ද්වන්ධ ය කිවූව ද 
ඔබ පහර දෙන ,
මා පහර වලකන .

කඩු ශිල්ප කෙල පැමිණි නුඹ 
පළිහ පමණක් අතැතිව මම .

එකක් නම් පැහැදිළිය.
දිනුවද , පරදිනු ඇත .
දිනන්නට දෙත
එද පැරදුනෙකි මම .

ඉදින් පසු බැස පලා යමි .
කළ හැකි අන්දෙයක් නැති තැන ..

බොන්සායි

බොන්සායි කළ ගස් .
වෙලාවට වතුර පොහොර ටික ලැබෙන 
කාමර තුල 
මල් බඳුන් වල වැවෙන .
හිරු එලිය නොදකින 
වැසි දියට නොතෙමෙන 
ඒ තමයි අප !

අන්ධ ප්‍රේමය

සමහරු වාසනාවන්ත අය.
ජිවිත කාලයම අන්ධව ඉන්න අය .
අප මෙන් ඇස් අරින්නට සිදු නොවුණු අය !

අකලංක ප්‍රේමය

මඩ නොමැති වග නොව ,
කළලත සියපතක් පිපුණු වග .

මහත් වෙර ගෙන 
පැමිණි මුත් දිය මතට ,
බිඟුන් හැරදා ගොස්ය විල .

කඳුළු

නුඹ ,
සිනහවක් තුල කඳුළු සඟවන 
අප විරුද්ධ නැත .
අපත් කර ඇත .

ලඳු කැලෑවක්

ලඳු කැලෑවක් මෙනි අප .
විසල් තුරු ගොමු නොදරන 
ලැව් ගිනි වලට හසු වන .
කෙලෙස හෝ යළි යළිදු දළු ලන ..

මතක දියවර

වාන් දොර හැර ලමි 
ගාසාගෙන යනු පිණිසට 
මියගිය මතක දියවර .

The Kiss

That's how it should be. 
Every kiss ,
erasing the memory 
of it's predecessor !

Alas it does not .. .

"නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම" හෙවත් ප්‍රථම ප්‍රේමයෙන් දිනීම

අපත් උත්සාහ කල අය .
පරාජය බාරගත් අය .

වැරද්දක් නැත .
උත්සාහ කර බලනු මැන .
කාට හෝ හැකි වෙන්ට බැරි නැත !

නුඹ

නුඹ තාරකාවකි 
කඩාවැටෙන .
වරක් පමණක් දුටුව .

නමක් ගැන කවක්

මහා මේඝයක වුව 
පතිත වන හැම දිය බිඳකටම
වෙන වෙනම නම් ඇත .
කිසිවෙක් නොඇසුවා මිස !

ව්‍යාකූලත්ව සිද්ධාන්තය

ව්‍යාකූලත්ව සිද්ධාන්තය ,
අහඹුවක් මේ පෙනෙන දෙය 
අහඹුවක් නොවන වග 
දිගුකලක් බලා සිටින විට 
රටාවක් මෙන් පෙනෙන වග 
රටාවක් නැති වග !

කවි

කොයි තරම් නම් ඇද්ද 
කියන්නට නොලැබුණු වචන 
කඳුළු කොයින්ද හැබෑටම 
ඔය හැම එකටම අඬන්නට.
ඉදින් අප හිතාගෙන 
සියල්ලම පොදුවේ ගෙන 
කවි කිහිපයක් ලියා තබන්නට .

ඉන්පසු

ඉන්පසු 
කිසිවක් ඇරඹුණේ නැත .
කිසිවක්ම අවසන්ව තිබුනේද නැත !

කවි පැල

කවි පැල කළ විට මල් පිපෙත 
අපත් දැක ඇත .
ඉදින් නෙලාගෙන යන .
අප බලාගෙන හිඳින ..

දුක් වෙමි .

යා යුතු මොහොත 
නිරායාසයෙන් පැමිණෙන තුරු 
නොයා යුතු වග නොදත් බැවින් .

කියා දෙන්නට කිසිවෙකු 
නොසිටි බැවින් .
අහක බැලු අය මිස 
හිස අත ගෑ කිසිවෙකුත් 
නොහුන් බැවින් .

සමර විජේසිංහයන්ගේ කවක් ඇසුරෙන් ලියැවුණකි.

ඒ අය

උපහාර වේවා නුඹට 
ගුරු පිය වරුනි ගුරු මව් වරුනි !

ඒ අය මග තැනූ අය .
වල ගොඩැලි සමතලා කල අය .
සෙවනට ගස් සිටවූ අය .
තවත් යා නොහැකි තැන නතරවූ අය .

තවත් එක දවසක් ..

කිවයුතු තරම් 
දුකක් නැති දිනයකි අද .

මල් කිහිපයක් පිපුණ.
පත් කිහිපයක් හැලුන .

ගීතයක් නොවුනත් 
විහඟ හඬ ඇහුණ.
තණ පතක මුණු මුනුව
මද නළක සිලි සිළිය
අඩ නින්දකින් දැනුන .

කදිම දවසකි අද .
හෙටත් නොම වෙන
පෙර දිනට හිමි නොවුන !

සාමාන්‍ය අය

අප බොහොම සාමාන්‍ය අය .
අපේ මව් පියනුත් එහෙම අය .
සල්ලි කොළ ගොවිතැන නොදත් අය

Friday, June 8, 2012

අහඹු සිතිවිලි

අපි ඉතින් ස්වභාවය තුළ ඉතා වැදගත් අය නොවෙයි . ඉතින් අපි ඉන්නේ අවශේෂ කුඩා අනුකුඩා දේවල් භාරව , ඔය හේතුවක් ඇතුවත් නොවන නැතුවත් නොවන හිනාවක් වගේ දේවල් , පැහැදිලි ආරම්භයක් අවසානයක් නැති කතාන්තර වගේ දේවල් ඒ ගොඩට අයිතියි . ලැබෙන වරප්‍රසාදත් අඩුයි . වැඩත් අඩුයි . එක වැඩක් ඉවරකරාම ලැබෙන ක්‍රෙඩිට් ටික විභාගයක් ගොඩ දාන්න වගේ ලොකු වැඩකට ප්‍රමාණවත් මදි , . ඒවාට වෙනම මහන්සි වෙන්න වෙනවා . නමුත් කියන්න තරම් වැරද්දක් නෑ . සිදුවීම හා නොසිදුවීම් අතර ජීවිතය ගෙවෙනවා .

කවුළුව



වෛරය , මහ දරුණු වචනයක් එය
නැහැ එවැන්නක් මා තුළ
කවුළුව" ගැන

කාරණය මෙහෙම .
කවුළුව" හැම විට කරදරම රැගෙන එන
පෙනෙන නොපෙනෙන ක්ෂිතිජයක
දසුන් නිතරම ඉඟි කරන .

මා ද්වාරයන් ප්‍රිය කරන .
ලබාදෙන නිදහස .
රිසි අයුරු
යනු , රැඳෙනු හෝ එනු පිණිස .

නමුදු
හුදු දසුන පමණක් නොසෑහෙන
කවුළුවෙන් පෙන්වන !

මා දැන් යන්ට යමි .

මා දැන් යන්ට යමි .
අම්බලම වැඩ නිමි .
දිය බඳුන පිරී ඇති .
අවට එලි පෙහෙළි වී ඇති .

සමුගැන්මට කෙනෙක් නැති .
කැටුව නොපැමිණීමි .
රැගෙන නොයන්නෙමි .

නැවත තැනකදි නවතිමි .
යළිදු මේ කව එහි ලියන්නෙමි .

අහඹු සිතිවිලි ..


ජිවිතේ වගේම මරණයෙත් සෞන්දර්යයක් ඇති . මම කොහොමද දන්නේ කියල අහන්න එපා . නමුත් මට හිතෙනවා එහෙම විය යුතුයි කියලා . ඕනෑම දෙයක සමමිතියක් තියෙනවා . ජිවිතයේ සමමිතිය තියෙන්නේ මරණය හින්දයි . ඉතින් ජීවිතය සුන්දර නම් මරණය අසුන්දර වෙන්නේ කොහොමද . නමුත් ජිවත් වෙලා ඉන්න අපට මේක තේරෙන්නේ නැහැ . අපි ඉන්නේ එක මොහොතකට කොටුවෙලා . ඒ මොහොතෙන් මිදෙන්න අපි කැමති නැහැ . නමුත් රාමුවවට පිට ඉඳලා බලන කෙනෙකුට මේක පෙනිය යුතුමයි . මම හොයන්නේ මේ රාමුවෙන් පිට පනින විදිහක් .

මම ඉතා පැහැදිළිව ,

මම ඉතා පැහැදිළිව ,
මේ කියන්නේ කටු ගැන කතාවක් නොව 
ඉඳහිටෙක මල් පිපෙන බව 
පිපිය යුතු බව 
කටු තිබෙන එක 
වැරද්දක් නොවන බව !

අපේ කවි !

කවි දෙවගයක් ඇති .
කඳුළු කවි සහ සතුටු කවි .
අප ලියන්නේ අහඹු කවි .
කඳුලකට වැඩි ඉඩ නැති .
අතීතය මියැදිලා ඇති .
සිනහවද එහෙමකට උරුම නැති .
හෙට තවම උදාවී නැති .
විටෙක මදහසක් නැගෙනු ඇති .
අද ගෙවා ගැනුමට එය ඇති .

සැඟවීමක් ගැන

කල්යල් බලා පතිත වුණු වැසි බිඳ 
සඟවා ගත් වග
වැගිරෙන්ට නියමිත කඳුළු කැට !

අප ඉතා නොවටිනා සන්නාහ සහිත අය.

අප 
ඉතා නොවටිනා 
සන්නාහ සහිත අය.
සියුම් සැත් පහරවල් වුව 
දරාගත නොහෙන .
ඉදින් 
කඩු මුගුරු රැගෙන එන විට 
සටනට 
පලායනු හැර 
කරන්නට දෙයක් නැත වෙන !

සැලසුමක් ගැන කවක්

සෑම උපතක් සඳහාම 
සකස් වී ඇත සැලසුම් මුල සිටම .
සමහරු ඵල දරන්න ලෙසට !
සමහරු සෙවන දෙන්නන් ලෙසට !

මෙතන තමයි තැන .

මෙතන තමයි තැන .
ඔව් 
මතකය වළ දැමූ තැන !

බහු මානිත උමතුව

උමතුව 
මෙතෙකින් අවසන් නොවනු ඇත .
උමතුවේ මාන ඇත 
එකිනෙකින් එකිනෙකට !

මෙසේය බිම්මලක උදානය.

වෙනසක් ය කියන්නේ 
හතරැස් වූ ලෝකයක 
රවුම් ව ඉපදීම නොව 
සෙවනක් නැති තැනක 
කුහුඹුවෙකුට හෝ සෙවනක් වීමය !

The order of things

කුසුම්හු වැළපෙත් නිතරම 
කියමින් රොන් සොරාගන්නා වග බිඟු කැල ..

රොන් බිඟුන් සඳහාමය මිත 
රැඳෙයි ඒ මත 
පුෂ්ප වර්ගයාගේ පැවැත්ම.

සොබාදහමේ සැලැස්ම 
අසාධාරණම නොවෙත .
නොපෙනුනත් එක්වරම !

ගිවිසුම

ගිවිසුම්ගතව තිබුනේ මෙහෙම ,
නුඹ නොඑන කල
වසන්තය නො එන වග .
නො ආ මුත් නුඹ
වසන්තය පැමිණ ඇත !

A translation of the poem , "Manipulation" by Malinda Seneviratne

එයයි ගස සතු වගකීම .
අතු පත් විහිදීම .
මද නළ මෙන්ම මේකුළු විසිරුවීම .

එලෙසකින් සඳ එලිය 
හැරේ කැටයම් බවට 
හුදු පරිකපනය ඉක්මවන .

එතෙකිනුදු නොනැවත
හැරී කවි බවට 
ඇදහැලේ සඳ එලිය
බොලඳවූ සිත් මතට
හැඳිනගත් සිත් මතට වුව
රැවටීමක් නොවේ එය
රවටෙනු ඉඩ දීමකි නුඹ සමගම