Monday, March 24, 2014

ගමන

ඉතිරි කොට 
මරණෙට පෙට්ටියට 
අදාහනේටත් එක්කම 
තිබුනෝත් ඉතිරියක්
හත්දවසෙ දානෙට ගන්නට .

ලොකු බූදල් නැතත් බෙදා දෙන්නට 
ඉටු කොට හමාරයි 
සියලු යුතුකම් දුවා දරු හැමට .

සීයා ගියෙත් එහෙම.
අප උනත් යන දවසකට
කැමති එහෙම ගමනකට .

No comments:

Post a Comment