Monday, March 24, 2014

ඒවත් වචන

එතරම්ම තියුනු නැති වුනත් 
මැනවින්ම ලියා නැති මුත් 
ඒවත් වචන .
පියාපත් අහිමි කාලවල 
පියාසර පාඩම් කියාදුන් වචන .
නෙක වසත් මල් අස 
සැඟව ගියමුත් 
සිසිරයක එක මලක් පුබුදන්න 
දිරිය දුන් වචන .
අමාවක රැයක 
කදෝකිමි වචන .
පිපාසිත මුවක
ඌල් දිය වචන .
ඒවත් වචන .

No comments:

Post a Comment