Friday, September 16, 2011

The Chariot by Emily Dickinson (Translation )

August 11, 2011 

මා මරණය වෙනුවෙන් නොනවතින වග දැක 
දිනක් නතර උනි ඔහු මා අස 
කළු සෛන්ධවයන් බැඳි මරණයේ රථය 
තනිකරම පරිහරණයට අපට 
අමරණීයත්ව තනි රකයි පසෙක සිට

ගමන ඇරඹුණි හෙමිහිට 
කිසිදු කලබලයක් නැහැ ඔහුට
අත්හැර මගේ කුදු මහත් කටයුතු 
හරබරි ගැසුනා මාත් ගමනට 

පාසලක් පසුවනු පෙනේ වම්පස 
ළමුන් කෙලි දෙලෙන් දස අත 
බොහොමයකි තව අත්විඳින්නට 
ජිවිතේ පාඩම් උන්ට 

පලබර කෙත් බිම් පසු කොට 
බැස යන හිරු ගෙ ආචාර ලැබ
රථය මෙහෙයවයි ඔහු ඉදිරියටම .

අප නතර උනා නිවසක් අසබඩ 
මුළුමනින්ම මිහිකත විසින් ගිල ගැනුන .
වහලය පවා පෙනුනේ යන්තමින් 
හුදු ගොඩැල්ලක් පමණමයි ඉතිරිය .

ශත වර්ෂ ගණනක් ගතවෙලා අදට 
අද ඊයේ වගෙයි තවමත් මතකය 
මට තේරෙන්නේ දැනුයි ටික ටික 
මේ ගමන සදාකල් දිවෙන්නක් වග . 

No comments:

Post a Comment