Thursday, September 15, 2011

ප්‍රේමයේ කෝපන්-හේගන් විවරණය

 August 10, 2011 


දෙබිඩි පැවැත්මකි  


ප්‍රේම අංශු
සිත් තලා පෙලා දමමින් 
නෙතට කඳුළු නංවමින් 
මුව ගොළු කරමින් 
එකෙල  මෙකෙල වී වැටෙන්නට හරිමින් .


ප්‍රේම තරංග 
දැනී නොදැනී  විසිරෙමින් 
හදවත කිතිකවමින් 
මුව මුවග මදහස් මවමින් 


අවිනිශ්චිතතාවය

ප්‍රේම අංශු - ළය සිදුරු කරාවිද  ?
පෙම් තරංග - නෙක රටා මවාවිද ...... ?


දැනගනු රිසිව 
දිගු කල විගස මිනුම් දඬු 
තරංග ශ්‍රිතය කඩා හැල 
අංශුමය පෙම  ඉස්මතුව 
පෙමින් හදවත් සිදුරුව
වැටී ඇත 
මනින්නට ගිය උන්
තැන තැන  .

No comments:

Post a Comment