Friday, September 16, 2011

තවද එක සමයක්හි .............

July 28, 2011

අතීත කතාව 

තවද එක සමයක්හි
අසමසම 
කාන්තියෙන් අග්‍ර 
සියලු තාරකාවන්ට අධිපති 
කවීන්ට  හිත කැමති 
චන්ද්‍ර   තෙම 
තනිව අහස්කුස සරණ 
කණමැදිරියක  දැක 
අනුකම්පා උපදවී .
මුළු අඳුරු අහසම  එළිය කරන මට 
බැරි මොකද මේ අසරණියට
සරණ වෙන්න !


බාරදී අහස මොහොතකට 
හිතමිත්‍ර උදා තරුවට 
රෑ බදුලු වෙසක් ගෙන 
සපැමිණුනි   මිහි මතට   .
දුර කතර ගෙවාගෙන 
පැමිණුනා ඈ අබියසට අන්තිමට .


කෙළවරයි කතාව .
සතුටින් හැමෝම මින් මත්තට .


මොන පිස්සුද .. .. .. ..
කතන්දර වල වත් 
එහෙම දේ වෙන්නෙ නැත  .


රෑ බදුල්ලා  ඇසු විගස වගතුග 
ගස්සා  නිකට හෙමිහිට 
ඈ කිව්වා මෙහෙම ,
මට වෙන වැඩ නැතිද 
බිම බඩගාන 
ඇඟ පුරා කකුල්  ඇති අය එක්ක 
කතා කරකර ඉන්න .
අර බලාපන් අහස 
ඔය අහස පුරාවට  ඉන්නේ 
මා වගේම අය 
මම මේ යන්නේ 
ඉන් කෙනෙක් හම්බෙන්න .


වළාකුලකට මුවා වුනු හඳ 
යළිත් ගගනත බැබලෙන්ට විය .
උදා තරු තෙම අහස කොනක හිඳ
කිව්වා මෙහෙම 
මචං  මතුපිටින් එන එලියට වඩා 
ඇතුළතින් එන එළිය වෙනස් බං  !


වර්තමාන  කතාව 


එදා සඳ මෙදා  සඳමයි 
එදා තරු මෙදා තරුමයි 
එතකොට කණමැදිරියා 
.. .. .. ..  ... .. ... 
මොන කණමැදිරියෙක්ද !

No comments:

Post a Comment