Sunday, February 2, 2014

අහසක් හා තරුවක්

අකුණු සරකින් සිඳී ගිලිහුණු 
පෙමක් ගැන මම කවක් නොලියමි .

සහස් කඩකට බිඳී වෙන් වුනු 
සිතක් ගැන නම් තවත් නොකියමි .

යන්ට මග කිව් තාරුකා එලි 
නිවී නැති බව සිතා තුටු වෙමි .

ඉන්ද්‍ර චාපය ඇරඹෙනා තැන 
සෙවූ කාලය නිමා වුනි සකි .

සිනාවක මතකයත් සමගින්
මතක ක්ෂිතිජය වෙතින් ගිලිහෙමි.

වෙනත් අහසක වෙනත් තරුවක්
ලෙසින් අද සිට ගමන් අරඹමි .

No comments:

Post a Comment