Friday, March 30, 2012

තද වැස්ස සහ පොද වැස්ස

ගුගුරා ඇද හැලෙත .
උතුරුවා දිය බෙදත .
ලදළු මල් හැම විසුණු කර 
උදුරුවාගෙන යත .

හෙමි හෙමින් පැමිණෙත 
මුමුණමින් දැවටෙත.
නොදැනීම නිමාවෙත . 
කැකුළු අග 
පිණි බිඳක් රඳවත .

No comments:

Post a Comment