Thursday, October 20, 2011

Love in Different Contexts

A Sign .
වදනින් ම නොවුණත් 
දෙනෙතගින් හෝ 
කොළ එළිය දැල්විය යුතුව ඇත .
නාඳුනන සිතද අසරණ වන්ට හැක .
නාඳුනන ප්‍රේමයක රතු එළිය 
නිවී නොතිබෙන්ට පුළුවන තවම !

An Understanding .
ප්‍රේමය කියා එකක් නැත .
අවබෝධාත්මක ගිවිසුමක් 
සම්මුතියක් මිස .
හිතේ තියාගෙන හිටියාට 
ලැබෙන්නේ නැත .
නොදන්නා අයට කියා දිය යුතු .
සාප කරන්නට කාටත් හැක .
උගන්වන්නට නොහැක !

A Forgotten Memory .
මිනිස්සු ගල් වෙන්නේ නැත .
ආවාට ගියාට .
ගල් බොහොමයකට
අමතකව ගිය කතාවක් ඇත .
ඒ කතාවේ කොනක
අමතකව ගිය ප්‍රේමයක් ඇත .

No comments:

Post a Comment