Monday, October 3, 2011

අනුභූතිය | knowledge

අප සතුය .
නිතරම නොදුටුවද .
මතකයෙන් වියැකුණද .

රාත්‍රී ගගනත
තාරකාවන් මැද .
රැළි ගැහුණු කොළයක
ඉලක්කම් අකුරු උඩ .
ප්‍රභාතය අස දිලෙන
සුපුෂ්පිත කවියක
ඉඳහිටක නිදිබරිත ඇස් හරියි  .

පියාපත් පැළඳි මුත් අප
පියාඹන්නට නොදැන .
කියාදිය නොහැක කිසිවෙකුට .
වැර යොදා පියාපත් සලනු මිස .

‎" No man can reveal to you aught but that which
already lies half asleep in the dawning of your knowledge. "

" For the vision of one man lends not its wings to another man. "

- Kahlil Gibran ( The Prophet )

No comments:

Post a Comment