Friday, October 14, 2011

Chaos .

ව්‍යාකූලත්ව සිද්ධාන්තය
නිර්ණිත ජීවිත කලඹන .
සතුටින් කෙළවර වන්න තිබුණි එය .
සියල්ල නිසි පරිදි නිසි තැන
හස රැළි මදහස් එමට .
ආශිර්වාද පෙර දැඩිව .

යමක් සිදුවන්ට ඇත .
එක නිමේෂයක
එක බැල්මක
වදනක
කඳුළක හෝ සිනහවක .

අවසන ,
සැලුණු වග දනිමි සමනල පියාපත
මහා මේඝයක් කැඳවමින .

No comments:

Post a Comment