Monday, January 16, 2012

මායාකරු විශ්‍රාම ගෙන ඇත .

OZ හි මායාකරු විශ්‍රාම ගෙන ඇත .
තවත් හදවත් නම් ලැබෙන්නේ නැත .
ටින් බෙලෙක්ක මිනිසුන් 
පමණ ඉක්මවා වැඩිව ඇත .
මයාකාරයෙකුට වුව
කරන්න පුළුවන් ප්‍රමාණයක් ඇත .

එඩිතරකම නම් කාටවත් දිය නොහැක .
තම තමන් හොයාගන්නවා මිස .
කනගාටුව සිංහයන් නැති එකය අද .
කැණහිලුන් වැහි වැස ඇත ඕසේට .

පඹයින් ගැන කතාකර පලක් නැත .
රිටකට සිරව ඇති බව සිරුර
නිදහස අහිමි බව තමනට
දන්නාමුත් නොදන්නාසේ සිටින උන්
මුදන්නට නොම හැක .

ඩොරති ගැන විවේචන නැත .
ඇයට ,
හදවත් නැති උන්ට හදවත
කොන්දක් නැති උන්ට කොන්ද
නිදහස නොදත් තැනකට නිදහස
රැගෙන එන්නට පුළුවන .
වැඩිය දක්නට නොමැති මුත්
ඩොරතිලා ඉතිහාසය පුරාවට ඉඳ ඇත .
බලාපොරොත්තුව ඉතිරිය .
හෙටත් ඩොරතිලා බිහිවන්ට ඉඩ ඇත .

No comments:

Post a Comment