Monday, March 24, 2014

ඉරිතැලුනු කවි

ඉරිතැලුනු මිනිසුන්
තටු හැලුනු විහඟුන්
බලන් ජීවිත යදින අරුමය 
කලා වැව් පිටිය මත.

උතුම් උඩ මලුව කොන 
සුසුදු වැලි තලය මත 
දිග ඇදුනු සිල්වත්තු
හිස්ය උන්ගේ නෙත්
හිස්ය උන්ගේ සිත් 

ඇරඹි හැමදේම නිම විය
ඉපදුමම වේය මරණය
පිනත් මිල කරන දේශයක
මෙවන් කවි ලියවේය .

No comments:

Post a Comment