Monday, March 24, 2014

අප සතුටින් සහ දුකින්

අප අපිළිවෙලෙන් අපිළිවෙලට හැරෙමින් 
විශ්වීය නියමයන්ට අනුගත වෙමින් .

ප්‍රේමය සන්තාපයටත් 
සන්තාපය මතකයටත්
මතකය මතක කැබිලිති වලටත් 
බිඳී යමින් .
මා ඔබෙන් මිදෙමින් .
ඔබ මගෙන් මිදෙමින් .

අප සතුටින් සහ දුකින් .
පැවැත්මට ඉඩ දෙමින් .
පවතින් සහ නොපවතිමින් .

No comments:

Post a Comment