සෙම්ප්‍රතිශ්‍යා කවිය.
කේඩෑරි තුරු මතඉඳ හිට පතිතවන හිම කැටිතිත්,සඳුදාව සංසිඳවනු පිණිස
නික්ම ගියපසු උදෑසන රිය පෙළ
ඉතිරිවූ රථ කිහිපයත්,
අතරින්
මන්දෝත්සාහීව ගලා යයි,
ජනේලයෙන් එපිට ජීවිතය.
සිරි ගුණසිංහයන් කිවූ පරිද්දෙන්,
'මදසුන් කුහරයෙහි හිස තුළ
පල්වෙන්නට දමා තිබෙන
අදහස් ලී කොටන්' හැම
ප්‍රතිශ්‍යා දාහයෙන් තවමින්
ප්‍රතිජීවක නිද්‍රාවෙන් නළවමින්
බුබුලු නංවමින් මතුව එමින්
යළිදු මොහොතකට නිහඬවෙමින්
මන්දෝත්සාහීව ගලා යයි
ජනේලයෙන් මෙපිට ජීවිතය.
23-01-2017
No comments:
Post a Comment