නික්ම ගොසිනි ඇය
මොහොතකට ඒකාලෝක කල දසත
තිරිසනුන් තිරිසනුන් ලෙසට පෙන්වූව.
කවි ලියා පල කිම
තවත් සිදුවනු ඇත මෙලෙසටම
මොහොතකින් යලිත් අඳුර.
'සබ්බේ සත්තා භවන්තු සුඛිත්තත්තා '
දාමිණී නුඹත් ඇතුළුව,
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
එහෙමය හිත හදාගන්නා විදිහ
අන් යමක් කල නොහැකි තැන.
මිනිස්කම මියැදුණු ලොවක
කුමට ඉපදුනිද ඇය
කුමට මේ කව වුව
පිළිතුරක් නැත තවම.
Note : An Indian woman whose gang-rape aboard a bus in New Delhi spawned mass protests has died, according to a doctor who was treating her at a Singapore hospital.The woman, 23, 'Passed away peacefully' at 4.45 a.m. Saturday with her family & Indian officials at her side. Authorities haven't released the name of the rape victim, but Indian protesters are calling her Damini, which means 'lightning' in Hindi.
No comments:
Post a Comment