Friday, September 16, 2011

Thanks Giving

July 29, 2011 at 9:32pm

ස්තුතිය 
ගිරි හිස් වලට 
වලාකුළු වැළඳගෙන වැරෙන් 
ගොඩබිමම රඳවන .

ස්තුතිය 
තුරු මුල් වලට 
ගලා යන දිය බින්දු 
එකින් එක අමුණමින් 
දිය පහරවල් තනන .

ස්තුතිය 
මනුසත්කමට
හැම තුළම නැති උනත් 
ටික දෙනෙක් තුළ හරි 
අදටත් ඉතුරු උන .
සමර විජේසිංහයන්ගේ " වැස්ස සතුටුයි නුඹ ගැන " කව නිමිති කොට ගෙන ලියැවුණකි .

No comments:

Post a Comment