Friday, September 16, 2011

කදෝ කිමි වත

September 3, 2011

දනිත්  උන්  තරු විඳින දුක 
තනිකම .

පෙර කල ගගනත 
තරු ව ඉපිද ,
දරාගත නොහි තනිකම 
අතහැර අනේක රශ්මින්
මිහි මතට බට   
කදෝ කිමි  දන වෙත් උන්   .

අදටද 
අඳුරු පාලු රාත්‍රීන් වල 
සරති උන් නුබ ගැබ 
තනි රකින්නට 
පෙර මිතුරු  තාරකාවන් හට .

No comments:

Post a Comment