Monday, January 16, 2012

බොරු කියා පලක් නැත .

ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසිවූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්"
--විලාසිනියකගේ ප්‍රේමය -සරච්චන්ද්‍ර

පොරක් නම ඇති සරත්චන්ද්‍ර
කියා තිබුනාට එහෙම ,
ඔහොම පෙම් කරනා උන් අද නැත .
එදා හිටියෙත් නැත .
හෙට කියා වෙනසක් නැත .

ප්‍රේමය වනාහි
පුද දීම මෙන්ම
අත් කරගැනීමද
සම සමව කැටි උනකි .

ප්‍රේම වන්තයෝද මනුෂ්‍යයෝය .
ලෝභය මනුෂ්‍ය ගතියක් මය .
බොරු කියා පලක් නැත .
නොලැබෙන අයට
ප්‍රේමය පුදා පලක් නැත .

Spiral

අතීතය නැවත නැවතත් සිදුවෙන .
කලින් සිදුවී ඇත .
එදවස හඬා ඇත .
නැවත සිදු වනු ඇත .
එදිනද හඬන්නට නියමිත .
වැඩි වෙනසක් නැත
එදා සහ අද .
ලෝකය තවම තරුණය .

Haiku - Arakida Moritake

වැටෙන මල් එකින් එක 
නගිනවා යළිත් අතු උඩට 
සමනළයින්ගෙ පිට උඩ .

- Arakida Moritake (1472-1549)

Haiku - Mukai Kyorai

මොනවටද හැබෑටම ,
උයන් තෙර මල් දකින්නට යන උන්ගෙ 
ඉනේ එල්ලෙන්නෙ දිග කඩු ! 

- Mukai Kyorai (1651-1704)

බලාපොරොත්තුව

පරවෙන්ට ලං වුන 
හැම මලම කැමතියි 
ඉවර නොවෙනවට කතාව .
මේ කවිය
බලාපොරොත්තුවෙ නමට .
හැම පරවුණු මලකටම
සමනලයෙක් වෙන්ට හැකි වෙන .

අපි

අපි බොහොම සාමාන්‍ය අය .
සමාව දෙන .
නමුත් කිසිදා අමතක නොකරන .

alas ..... !

May be a clown now ,
and a hunter then .
The passage of time is fickle .
Hunter became hunted .
Indeed the poison is sweet .
It never kills .
It makes you laugh
despite the unshed tears .
Alas a clown is born ...


පෙර දඩයක්කරුව 
අද විකට වෙස් ගෙන .
වැරදි මග පැමිණ ඇත .
නිවැරදි මගකුදු නැත .
දඩයක්කරු දඩයමට ලක්ව ඇත .
සැබවි ,
සුමිහිරි විෂකි එය .
කිසිදාක මියෙන්නට නොදෙන .
නොගැලූ කඳුළු තිබුණද
සිනහ වෙන්නට සිදු කරන .

ප. ලි .
විකටයන් බිහිවෙන්නේ එහෙම !

Sanctuary

දුම් දමන තේ එකක් .
බිස්කට් තැබූ බඳුනක් .
කවුළුවක් ළඟ 
පරණ ඇඳි පුටුවක් .
රැලි වැටුණු 
අත් පහස ලද පොතක් .
එළෙසකින් ලැබී ඇත
ජීවිතෙන් පොඩි ඉඩක් !

Compromise

දෙතැනම පින් පව් 
සමව නොවුනත් නොඅඩුව .
රන් රස සේම නොවිය හැක .
නමුදු දිලෙනවා වන්ට හැක
පමණකට !.
වැරද්දක් නැත .
ලද දෙයින් තුටුව ,
ඉදිරිය බලන්නට හැක .
නැතිනම් වෙන්ව දෙපසක යන්ට හැක ..

පතොක් "

කතර මැද සිටිනු නම් 
පතොක් මෙන් විය යුතු .
වැසි ලදොත් දිය බොමි .
නොමැති කල නොවැලපෙමි .
හැකි විටෙක එක මලක් පුබුදමි .
එය පැහැර ගන්නා උන්ව
කටුවලින් ඇන නසමි .

ජෙනරලයිස් කවි !

බිය නොවන් මිතුරිය ,
දැන් අප ලියන්නේ ජෙනරලයිස් කල කවි .
අවැසි නම් පමණක් නම යොදා දිය හැකි !

Haiku - Nandai

ඉපදුණු දා පටන් කාලය ,
මළවුන්ම පමණමයි ලැබ ගත්තෙ ශාන්තිය .
මිදුණු හිම අතරතින් දියව යයි ජීවිතය .

- Nandai (d. 1817 ) - from Japanese Death Poems .

Haiku - Hakuin

තරුණ වරුනි ,
බිය නම් නුඹලා මරණයට 
මියැදියව් දැන්මම !
එකවරක් මියැදුණු විටකදි 
යළි මියැදෙන්න නොම හැකි .

- Hakuin (1685-1768) - from Japanese Death Poems

Haiku - Otsuji

අඳුරු සීතල රැයකි මේ 
තෙපලුවෙමි උස් හඬින් වදනක් .
නැත නැත නොහඳුනමි ඒ ඇසුණු හඬ !

Otsuji (Seki Osuga) (1881 - 1920)

උප්පාද තිථි භංග

උප්පාද තිථි භංග 
සංස්කාර එහෙම .
නමුත් සමහරක් දේ 
උපදින්ටත් කලින් මියයත .
කණගාටුව ඒකය !

හඳට වෙරි අද !

හඳ ,
පෝය දා වග 
ගණන් නොගෙනම 
අමා බඳුනෙන් 
දෙකක් දාගෙන 
අවේලාවේ නිදාගෙන අද !

Decision

Star must decide
Whether to be crushed under them 
Or burn them bright
Those haunting memories

Well ,
This star has decided
It shall burn bright ... !

ප්‍රේමයක මතකය !

සමහරක් තුවාල ඉක්මනට සනීප වෙන්නේ නැත .
සනීප උනත් කැළැල් ජීවිතේටම යන්නේ නැත .
ජීවිතේ සාධාරණ නැත .
සාධාරණ වග කවුරුවත් කියා ඇත්තේද නැත .

Love - A memory.

Some bruises don't fade away easily .
It may scar for life , You know !
Well , 
Life is not fair .
Alas ! Nobody had said it is fair .

තීරණය

තාරකා තෙම 
ගත යුතුයි තීරණය නිවැරදිව 
හොල්මන් කරන මතකයන් ගැන 
මිරිකී වැලලෙම් ද එහි .
දිප්තව දවම් ද ඒ .

මෙහෙමය ,
තීරණය ගෙන හමාරය .
මේ තරුව මෙතැන් සිට
තවත් දිළිහී දැවෙනු ඇත .

ආලෝක වර්ෂ

තරු කතා කරනවා එමට .
නමුත් ආලෝක වර්ෂ ගානක් 
ගත වෙනවා ඇහෙන්ට .
ඒකයි මේ තරම් රාත්‍රිය නිහඬ .

තවම !

පසුව ලියමි .

මම මෙහෙම කිව්වාට
හැමදාම රාත්‍රිය නිහඬය
දිගින් දිගටම අප
එකිනෙකාගෙන් ඈත් වෙනවා මිස
ලං වෙන්නේ නැත ... !

තවත් එක මලක් ගැන කවියක්

මල් .
විකසිතව සුවඳ දී 
මුකුලිතව බිම වැටෙත .
ටිකක් දුක ඇති ගහට .
තවත් මල් පිපෙන්නට නියමිත .
මතකයන් හෙමිහිට මැකෙත .
ජීවිතේ එහෙම .
හැමදාම දුක නැත .

Beauty and the Beast

වැඩි ලස්සනක් නැති අය ඇත .
ඒ උනාට රාස්සයෝ කියන එක හරි නැත .
කුමරියට එන්ට බැරි කමක් නැත .
ඇත්ත කතාව මේකය .
බෙන්ස් වලින් යන අය
බස් එකේ යන්ට එන්නේ නැත .

Don't ask me who is beauty an who is the beast , therein lies the quandary !

ගිවිසුම

ගිවිසුම් ගතව 
ශිශිරය සහ ඉර .
එකිනෙකා වෙන්ව එන්නට .
සටන් වැද පලක් නැත .
දෙදෙනෙකුට බෙදාගන්නට 
ලෝකය පුරාවට ඉඩ ඇත .

කූඩු කල විහඟුන්ට

කුඩුවක ඉපිද 
ලඟට ගෙනවුත් දෙන කෑම මිස 
වෙනත් අහරක් නොදත් 
කැලෑවක් ගැන 
රූපවාහිනියෙන් වත් 
දැක නැති
විහඟුන් වෙත් .

ටියුෂන් පන්ති ඇත .
පියා සලනට උගන්වන .
පියාසර විභාගය
පහසුවෙන් සමත් වෙත .
ජීවිතය මේක යැයි
හිතන්නට පුරුදු වෙත .

ඒ නමුත් විහඟුනේ
එකක් නම් දත යුතු .
හැමදාම ඔහොම නැත .
දිනක් මතු පැමිණෙත .
තනි තනිව පියා සලනට සිදු වෙන .

එම්බා හිත

එම්බා හිත ,
කට පියාගෙන හිටු .
තීරණ ගෙන ඇත්තේ 
මා තනිව නොව 
නුඹ හා මා එක්වය .
එක්ව ගත් තීරණ
එක්ව විඳිය යුතු .
පසුව ඔච්චම් කරන්නට
කිසිම අයිතියක් නැත !

ඒක තමයි තැන !

එක්තරා ලක්ෂ්‍යයක් ඇත .
ප්‍රේමය හා මිතුදම අතර .
බොහෝ ප්‍රශ්න වලට මුල් වන .
සම්මත නීති අර්ථ නොදැක්වෙන .
බලාපොරොත්තු වලට තටු ලැබෙන .
අවසන ,
උන් හිටි තැනුත් නැතිවන ..

දෙවියො

දෙවියෝ කියන්නෙත් අපි වගේම බොහොම සාමාන්‍ය කෙනෙක් . කරන්න පුළුවන් දේ වගේම බැරි දේ තියෙන . කරන්න බැරි දේවල් ගැන දුක හිතෙන . සමහර දේවල් අමතක වෙන .සමහර දේ උවමනාවෙන්ම අමතක කරන . හැබැයි දෙවි කෙනෙක් උනාම දුකකදි අඬන්න වැළපෙන්න නම් බැරුව ඇති . ඇයි මිනිස්සු හරියට බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ දෙවියෝ ගැන . දෙයියන්ට බැරි නම් ඉතින් කාටද පුළුවන් නේද . දෙවියෝ ගැන එක එක පොත් වල එක එක දේවල් ලියල ඇති . හැබැයි ඒ මිනිස්සු දෙවියන් ගැන හිතන දේවල් මිසක් දෙවියෝ මම මෙන්න මෙහෙමයි කියල කියපු දේවල් නෙවෙයි . මිනිස්සු තමන්ට ලඟා කරගන්න බැරි දේවල් දෙවියෝ කියන ෆැන්ටසිය ඇතුලට බලෙන් එබ්බුවට ඕවා සේරම කරන්න ඒ මනුස්සය කියල දෙවියෙක්ද දෙයියනේ !

ඇත්තම කතාව මේකයි . දෙවියෝ හරිම සාමාන්‍ය කෙනෙක් . අපි බාග වෙලාවට දැකල තියෙන්නත් පුළුවන් . සරමක් කමසයක් ගහගෙන එලවලු මල්ලකුයි සිනි බනිස් ගෙඩි දෙකතුනකයි අතින් අරන් යනගමන් අපිත් එක්ක හිනා වෙලත් ඇති . හැබැයි අපි තාම අඳුරගෙන නෑ ඔහුව හරියට . මෙහෙම කියාගෙන යද්දී මහා හුරු පුරුදු හැඟීමක් එනවා නේද හිතට . ඔව් පුදුම වෙන්න දෙයක් නෑ . දෙවියෝ කියන්නේ වෙන කාටවත් නෙමෙයි . අපිට ! . හැබැයි අපිට අපිව අඳුනගන්න බැරි එක තමයි ප්‍රශ්නෙ ....... !

සැබෑ " ප්‍රේමය

දූසමාන ආරංචි .
කපුටු පිහාටු සහ වමනෙ ගොඩ .
කපුටන් හත් දෙනෙක් 
වමනය කරන ලදුව ඇති වගට !

Haiku - Ransetsu

ගිලිහෙයි තුරුපතක් එක .
තවෙකක් වැටෙයි එවිගසම . 
සුළඟ විසි සොරාගන්නා ලදුව ! 

- Ransetsu (1654-1707)

Haiku - Hogan Reikan

Perhaps this voiceless wanderer
Dreams of flowers .. .. ..
Butterfly dozer

සමහරවිට , 
නිහඬ යාත්‍රිකයෙකු වන නුඹ
සිහින දකිනවා ඇති මල් ගැන .
නැද්ද නිදි කිරන සමනලයෝ !

Hogan Reikan (1779 - 1860)

Dreams of flowers -
would that the butterfly could tell,
but it has no voice.

මල් ගැන දකින සිහින ,
කියන්නට කැමති ඇති සමනල්ලු බොහොම .
නමුත් අහිමියි උන්ට කටහඬ උපතින්ම .

Hogan Reikan (1779 - 1860)

හත් පෙති මල හත් පෙති මල

හත් පෙති මල හත් පෙති මල ,

උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරට
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකිලා ඇවිත් බිමට
එක එකාට බොරු බලාපොරොත්තු දෙන්නේ නැතුව
උඹේ වැඩක් බලාගනින් !

මේ ආශාවන් වල කෙළවරක් නැත .
එකක් පසුපස එකක් එනවා මිස .
පසු පස එලවන්න ගොස් හැති වැටෙනවා මිස .

කියාදීපන් හත්පෙති මලේ මිනිස්සුන්ට ,
ඉල්ලන හැටි නොව
නොඉල්ලා ඉන්න හැටි .
නැවතුන අයට මිස දුවන අයට
කිසිදිනෙක සහනයක් නම් නැත .

එදා සහ අද .

දැන් අසඩක්ට වෙලාවක් නැත 
හුණුවටයට එන්නට .
කසාදත් බැඳල ලු .
ළමයි හෙමත් ඇති .
උදේ රැයින් කන්තෝරු යත
හවස් වී ආපසු එත .

තාමත් දෙකතුනක් දාගත් වෙලාවට
කියවනවා අසඩක්
හුණුවටයේ කල හපන් කම් ගැන
ඉස්සර !

තමතමන්ගේ ආරවුල්
තම තමා බේරා ගත යුතු .
අද අසඩක්ලා නැත .
ඔවුන්ට තමන්ගේ වැඩ ඇත !

Belated Greetings!

මල් වෙඩි රතිඤ්ඤ සමග මධුවිත .
රැය පහන් වනතුරු ගීතයෙන් නැළවෙත . 
තිස් එක ගෙවී පළමු දින උදා වෙත .
ආයෙමත් මුලක සිට පැරණි සක කැරකෙත !

ප්‍රේමය !

මටත් තේරෙන්නේ නැත .
සමහරවිට ,
නොතේරුණු විදිහට 
ඉන්නවා වන්ට හැක . 
වඩා පහසුයි එහෙම .

ඒකෙත් හැටි !

දෙදෙනාම වැරදි ඇති 
වැරද්දක් කියා එකක් නැතිව ඇති .
සිදුවෙන්ට නියම ඇති .
දෛවයට වුව කරන්ට නොහැකි දේ ඇති .

දෙදෙන එක මග යන්ට ඇති .
මගකදී හමුවෙන්ට ඇති .
මග බෙදුණු තැනකදී
සිනා සී වෙන් වෙන්ට ඇති .

අවසන යම් දෙයක් ඉතිරිවී ඇති
ප්‍රේමය දැයි කියා දන්නේ නැති .

Another Fairy Tale

ඒ හාදුව
තවමත් ලැබුනේ නැත .
ලැබෙන්නෙත් නැත .
උපන් ගෙඹි කම
හොඳටෝම ඇති මට !

හැමෝම එක වගේ නැත .
කුමාරවරුනට මෙන්ම
ගෙම්බන්ටද හිමි තැනක් ඇත .

Hope

කිසිවෙකුට අයිති නැති 
ගල් තලාවක් මතුපිට 
පතොක් පඳුරක්ව ඉපිද 
එකම එක මලක් පුබුදන්න 
පිඹුරුපත ඇඳ ඇත .

Rattle Snake and a Cactus Flower

Desert dwellers 
One with venom
Other with thrones
For neither ,
The life was just .

Struggle it was
Just to survive
Yet ,
Amid all this hardship
A rare thing blossomed

To have vanquish all the blemishes
Elixir the venom
and Soften the thrones
Love indeed it must be
Only it has the power !

මාතෘකාවක් නැත .

වැඩිය කලබල වී තේරුමක් නැත .
උඳු වැපිරූ අයට උඳු ද
මුං වැපිරූ අයට මුං ද 
කාලානුරුපීව ලැබෙනු ඇත .

කල කල දෙයම මිස 
වෙනත් දේ පල දෙන්නේ නැත .

මායාකරු විශ්‍රාම ගෙන ඇත .

OZ හි මායාකරු විශ්‍රාම ගෙන ඇත .
තවත් හදවත් නම් ලැබෙන්නේ නැත .
ටින් බෙලෙක්ක මිනිසුන් 
පමණ ඉක්මවා වැඩිව ඇත .
මයාකාරයෙකුට වුව
කරන්න පුළුවන් ප්‍රමාණයක් ඇත .

එඩිතරකම නම් කාටවත් දිය නොහැක .
තම තමන් හොයාගන්නවා මිස .
කනගාටුව සිංහයන් නැති එකය අද .
කැණහිලුන් වැහි වැස ඇත ඕසේට .

පඹයින් ගැන කතාකර පලක් නැත .
රිටකට සිරව ඇති බව සිරුර
නිදහස අහිමි බව තමනට
දන්නාමුත් නොදන්නාසේ සිටින උන්
මුදන්නට නොම හැක .

ඩොරති ගැන විවේචන නැත .
ඇයට ,
හදවත් නැති උන්ට හදවත
කොන්දක් නැති උන්ට කොන්ද
නිදහස නොදත් තැනකට නිදහස
රැගෙන එන්නට පුළුවන .
වැඩිය දක්නට නොමැති මුත්
ඩොරතිලා ඉතිහාසය පුරාවට ඉඳ ඇත .
බලාපොරොත්තුව ඉතිරිය .
හෙටත් ඩොරතිලා බිහිවන්ට ඉඩ ඇත .

Survival

කිසි වැරද්දක් නැත .
කටුස්සා පාට වෙනස් කරන එක .
උන්නතිය පිණිස .

ප්‍රශ්නය තියෙන්නේ 
මිනිස්සුන් කටුස්සන් වෙන්ට යන තැන !